රාවණා මහා රජු විසින් සීතා දේවිය සගවා තැබුවාවූ උමඟ සහ නිල දිය කැට පොකුණ

    මෙය පිහිටා තිබෙන්නේ රාවනැල්ල ප්‍රදේශයේ.ගුවාවේ ආරම්භය රක්කිත්තා කන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ සිට රාවනැල්ල ටත් ඉන්පසු දෝහාරජමහ විහාරස්ථානය ටත් එතැනින් සීතා එළිය දක්වාත් මෙම උමං පද්ධතිය දිවයනවා.එයට අමතරව බොහෝ අතුරු මාර්ග වලින්ද උමං පද්ධතිය නිර්මාණය වී තිබෙන බව දැකගත හැක.


උමං පද්ධතිය

                           ජන සෘතිය ජන විඥානය තුල කියවෙන වසර 4500 කටත් වාඩා පැරණි මෙම උමං පද්ධතිය විශාල මාර්ග පද්ධතියක් වන අතර අද වන විට එය බොහෝ විපර්යාසයන් සමඟ වැසි ගිය අයුරු දැක ගන්නට පුළුවන.එහි දක්නට ලැබෙන ඵෞතිහාසික නටබුන් මගින් මේ මහා පොළොවේ අපෙන් වැළලී ගිය ගිලිහි ගිය ඵෞතිහාසික ශිෂ්ටාචාරයක් තිබු බවට සාක්ෂි මගින් සනාථ වේ. එමෙන්ම මෑතක දී විද්‍යාඥක පර්යේෂණ වලින් රාවණා මහා රජු විසින් ලංකා පුරය පුරා දිය කඩිති 7ක්  තැනු බවට ඔප්පු කරන අතර ඉන් එකක් රාවණා මහා රජු විසින් තැනු මේ මහා උමං පද්ධතිය තුල දැක ගත හැක.පොළොවෙහි සිට අඩි 1000 කට වාඩා ගැබුරින් එම නිල්දිය කැට පොකුණ පිහිටා තිබීම මහත් රහස්‍ය ජනක කරුණකි. හිරු එලිය සහ සත්ව කොට්ඨාසයන් නොදකින මෙම සුපිරිසිදු නිල දිය කැට පොකුණේ දිය පොද විනිවිද පෙනුමෙන් එය කොපමණ පිරිසුදු දිය පොදක් දැයි සිතිය හැකි කරුණකි.


නිල්දිය කැට පොකුණ

නිල්දිය කැට පොකුණ


v  අප ජන සෘතිය ජන විඥානය ,ජන කතා තුල කියවෙන රවාණා උමග පිළිබද සියලුම කරුණු සතත්‍ය බවට ඔප්පු කල හැක.


Ø  මෑතකදී උමාඔය ජල විව්‍යාපෘතිය සඳහා ඇල්ල වැල්ලවාය මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ සාදින්නාගල කන්දේ එක් කුඩා පර්වතයක බෝර දමා පුපුරුවා හැරීමේදී මෙම උමං මාර්ගය මතුවී ඇත. ඒවනවිට උමං මාර්ගය අඩි 11ක උසකින්ද අඩි 8ක පළලින් ද යුක්ත බව දැකගත හැක.මෙහි බිත්ති සියුම් ලෙස ඔප දමා ඇති අතර ගමන් කිරීමට පඩි වේල්ලක්ද නිමානය කර ඇති බවට නිරීක්ෂණයෙන් කිව හැක.මෙම මාර්ගයෙන් රාවණා මහා රජු ඇල්ල වැල්ලවායේ සිට බණ්ඩාරවෙල පන්සල දක්වා ගමන් කර ඇතැයි ජන විඥානය තුල කියවේ.





Ø  එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඳගොල්ල උඩකිරින්දග්‍රග්‍ර .%dමයේ ගල් පර්වතයක් මත එම උමං මාර්ගය මතු වී ඇත.