ඉතා ඈතින් පිහිටි වස්තුවක් ළංකර පෙන්වීමට දුරේක්‍ෂ භාවිතා කරනවා.
දුරේක්‍ෂයක් මගින් ඉතා ඈතින් පිහිටි වස්තුවක් විශාල කර දැක ගැනීමට හැකියාව
ලැබෙනවා. දුරේක්‍ෂ භාවිතයෙන් තාරකා විද්‍යාඥයින්ට දහස් ගණනක් තාරකා,
චන්ද්‍රයින් සහ විශ්වයේ පවතින කළු කුහර වැනි බොහෝ දේවල් පිළිබඳව සොයා
ගැනීමට හැකි වී තිබෙනවා.වෘත්තියෙන් ඇස්කණ්ණාඩි සාදන්නකු වූ ඕලන්ද ජාතික
හැන්ස් ලිපර්ෂි විසින් වර්ෂ 1608 දී ප‍්‍රථම දුරේක්‍ෂය නිපදවා තිබෙනවා. මෙය
දුරේක්‍ෂයකට වඩා දුර දක්නයකට සමාන වුණා. ඉන්පසු 1668 දී ගැලීලියෝ ගැලිලි
විසින් දුරේක්‍ෂයක් නිපද වූ අතර ඒ ආධාරයෙන් ඔහුට සඳෙහි ආවාට, සූර්ය ලප සහ
බ‍්‍රහස්පතිගේ ප‍්‍රධාන චන්ද්‍රයින් සතර දෙනාව ද සොයාගැනීමට හැකි වුණා.
ඉන්පසු සර් අයිසැක් නිව්ටන් විසින් ගැලීලියෝ ගේ දුරේක්‍ෂයටත් වඩා සාර්ථක
දුරේක්‍ෂයක් නිපදවීමට සමත් වුණා. එතෙක් දුරේක්‍ෂවලට යොදා ගැනුණු කාච දෙක
වෙනුවට එක් කාචයක් සහ අවතල දර්පණයක් භාවිතා කරමින් එම දුරේක්‍ෂය නිර්මාණය
කර තිබෙනවා. වර්තමානයේ භාවිතා කෙරෙන විශාල දුරේක්‍ෂ බොහොමයක් නිව්ටන් ගේ
මෙම මූලධර්මය පදනම් කරගෙන තනා තිබෙනවා.දුරේක්‍ෂ අතරින් ඉතා බහුලව භාවිතා
කෙරෙන දුරේක්‍ෂය දෘශ්‍ය දුරේක්‍ෂ යනුවෙන් හඳුන්වනවා. එහෙත් වර්තමානයේ එයට
වඩා බොහෝ දියුණු X කිරණ දුරේක්‍ෂ, අධෝරක්ත දුරේක්‍ෂ, රේඩියෝ දුරේක්‍ෂ වැනි
උපකරණ විශ්වයේ රහස් සෙවීමට යොදා ගනු ලබනවා.
|
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය |
|
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය
|
|
සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය |
|
සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය
|
|
X කිරණ දුරේක්‍ෂ |
|
X කිරණ දුරේක්‍ෂ
|
|
රේඩියෝ දුරේක්‍ෂ |
|
රේඩියෝ දුරේක්‍ෂ
|
දුරේක්‍ෂයක
කි‍්‍රයාකාරිත්වයදුරේක්‍ෂ පරාවර්තන සහ වර්තන යනුවෙන් වර්ග දෙකකින් යුක්ත
වෙනවා. මේ අතරින් වර්තන දුරේක්‍ෂය සඳහා කාච දෙකක් භාවිතා කර තිබෙනවා. එක්
කාචයක් මගින් ඈතින් පිහිටි වස්තුවේ සිට එන ආලෝක කිරණ එක්කර එහි
ප‍්‍රතිබිම්බයක් නිර්මාණය කරන අතර අනෙක් කාචය මගින් එම ප‍්‍රතිබිම්බය විශාල
කර ඇස වෙත යොමු කරනු ලබනවා. වස්තුවේ ප‍්‍රතිබිම්බය සාදන කාචය අවනෙත ලෙසත්,
එය විශාල කර ඇසට යොමු කරන කාචය උපනෙත ලෙසත් හඳුන්වනවා. නමුත් මෙම
දුරේක්‍ෂවල යම් යම් දුර්වලතාවයන් දක්නට ලැබෙනවා.
පරාවර්තක
දුරේක්‍ෂ වර්තන දුරේක්‍ෂ වලදී ඈත පිහිටි වස්තුවෙන් එන ආලෝකය එකතු
කිරීමට භාවිතා කළ අවනෙත වෙනුවට මෙහිදී විශාල වක‍්‍ර දර්පණයක් භාවිතා කර
බෙනවා. මෙය දුරේක්‍ෂ නාලයේ කෙළවරේම තබා ඇති අතර ඈත වස්තුවකින් එන ආලෝකය ඒ
මත වැටී ඉන් පරාවර්තනය වී නලයේ ඉහළ කෙළවරේ තබා ඇති කුඩා තල දර්පණයක්
(සාමාන්‍ය කණ්ණාඩියක්) හාරහා උපනෙත වෙතට යොමු කෙරෙනවා. මෙහිදී ඇසින් නරඹනවා
වෙනුවට එහි ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. විශ්වයේ තොරතුරු සෙවීමට යොදා
ගන්නා දෘශ්‍ය දුරේක්‍ෂ පරාවර්තක දුරේක්‍ෂ වර්ගයට අයත් වෙනවා.පරාවර්තක
දුරේක්‍ෂවලටම අයත් තවත් දුරේක්‍ෂ වර්ගයක් ලෙස කැසිග්‍රෙන් දුරේක්‍ෂ පෙන්වා
දිය හැකියි. 1672 දී නිපද වූ මෙහි කි‍්‍රයාකාරිත්වය ඉහතින් සඳහන් කළ
නිව්ටන් ගේ දුරේක්‍ෂයට වඩා මඳක් වෙනස් ආකාරයක් ගෙන තිබෙනවා. ඉතා පුළුල්
පරාසයක සිට පැමිණෙන ආලෝක කිරණ උත්තල දර්පණයක් මගින් තවත් ද්විතීක දර්පණයකට
යොමු කෙරෙනවා. එයින් පරාවර්තන වන ආලෝක කිරණ උත්තල දර්පණයේ ඇති සිදුරු
තුළින් උපනෙත වෙත යොමු කෙරෙනවා.
රේඩියෝ දුරේක්‍ෂ ප‍්‍රමාණවත් තරම්
දෘශ්‍ය ආලෝකයක් පිට නොකරන අභ්‍යාවකාශ වස්තූන් පිළිබඳ අධ්‍යයනය කිරීමට
රේඩියෝ දුරේක්‍ෂ යොදාගනු ලබනවා. රේඩියෝ තරංග නිකුත් කරන සමහර ග‍්‍රහලෝක
චක‍්‍රාවාට සහ තරු වැනි වස්තූන් වලින් එන සංඥා එක්රැස් කර එමගින් ඒවා
පිළිබඳ තොරතුරු සොයා ගැනීමට රේඩියෝ දුරේක්‍ෂ මගින් හැකියාව ලැබෙනවා.විශාල
වක‍්‍ර වූ තැටියක් මගින් ලබාගන්නා එම සංඥා එක් රැස් කර ඒවා විදුලි තරංග බවට
පත්කරනු ලබනවා. එම විදුලි තරංග යම්කිසි ග‍්‍රාහකයකට (පරිගණක වැනි) ලබාගැනීමෙන් පසුව ඒවා පිළිබඳ අධ්‍යයනය කරනවා.
X කිරණ
දුරේක්‍ෂ විශ්වයේ ඇති අධික
උෂ්ණත්වයකින් යුත්සමහර වස්තූන්ගේ අභ්‍යන්තර කි‍්‍රයාවලීන් වල දී X කිිරණ
පිට කරනු ලබනවා. මිනිස් ඇසට හසු නොවන තරමේ අධික ප‍්‍රබලත්වයකින් යුත් මෙම
කිරණ හසුකර ගැනීමට X කිරණ දුරේක්‍ෂ භාවිතා කරනවා. නමුත් X කිරණ වලට පෘථිවි
වායුගෝලය හරහා පැමිණිය නොහැකි බැවින් මේ ආකාරයේ දුරේක්‍ෂ අභ්‍යාවකාශයේ යම්
තැනක නවතා තැබිය යුතු වෙනවා.සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය හසුකර ගන්නා දර්පණ තැටි
ආකාරයක හැඩයෙන් යුක්ත වුවත්, ඒවායින් X කිරණ අවශෝෂණය කර ගත නොහැකියි. ඒ
නිසා එවැනි දුරේක්‍ෂවලට බැරල් හැඩැති දර්පණ භාවිතා කරනවා. මේවායින් එකතු කර
ගන්නා X කිරණ නාභි ගත වීමෙන් සෑදෙන ප‍්‍රතිබ්ම්බය ඇසට නොපෙනෙන තරම් කුඩා
බැවින් විභේදන බලය වැඩි සූක්‍ෂම කැමරා ආධාරයෙන් ඒවා විශාල කර අධ්‍යයනය කරනු
ලබනවා.සාමාන්‍ය දුරේක්‍ෂ වලට හසු කරගත නොහැකි නියුටේරීන තරු, කළු කුහර
වැනි ශක්තියෙන් අධික ඒවා X කිරණ දුරේක්‍ෂ මගින් හසුකර ගැනීමට හැකියාව
තිබෙනවා.
හබල් අභ්‍යාවකාශ දුරේක්‍ෂයවිශ්වයේ ඇති බිලියන ගණනක් වූ
අභ්‍යාවකාශ වස්තූන් නැරඹිය හැකි නිරීක්‍ෂණාගාර පෘථිවියේ යම් යම් ස්ථානවල
පිහිටුවා ඇති බව ඔබ අසා ඇති. එම නිරීක්‍ෂණාගාර වල සවිකර ඇති ප‍්‍රබල
දුරේක්‍ෂ මගින් තාරකා, ග‍්‍රහලෝක, මන්දාකිණි වැනි ඒවායේ තොරතුරු අධ්‍යයනය
කිරීමට හැකියාව තිබෙනවා.නමුත් විශ්වයේ ඈත සිට පැමිණෙන වස්තූන්ගේ ආලොක කිරණ
පෘථිවි වායුගොලය හරහා පැමිණීමේදී ඒවායින් ලැබෙන ප‍්‍රතිබිම්බ අපැහැදිළි
බවක් ගන්නවා. මේ නිසා මෙම බාධක මඟහැරවීමට අභ්‍යාවකාශයේ රැඳවූ දුරේක්‍ෂයක්
මගින් විශ්වය නැරඹීමට විද්‍යාඥයින් උනන්දු වුණා.අභ්‍යාවකාශ දුරේක්‍ෂ පිළිබඳ
මුල්ම අදහස 1926 දී ආචාර්ය ලයිසන් ස්පිට්සර් විසින් ඉදිරිපත් කර තිබුණ
මුත් 1957 වන තුරු එකම යානාවක් අභ්‍යාවකාශ ගත කර තිබුණේ නැහැ. 1975 දී නාසා
ආයතනයත්, යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයත් එක් වී අභ්‍යාවකාශ දුරේක්‍ෂයක්
නිපදවීමේ කටයුතු ආරම්භ කළ අතර 1980 දී එහි වැඩ නිම කිරීමටත් ඔවුන්ට හැකි
වුණා. මහා පිපිරුම් න්‍යාය සනාථ කිරීමට විශ්වයේ ප‍්‍රසාරණ සිද්ධාන්තය ගෙන
හැර පෑ එඩ්වින් හබල් නම් විද්‍යාඥයාට ගරු කිරීම පිණිස මෙම දුරේක්‍ෂ හබල්
දුරේක්‍ෂය යනුවෙන් නම් කර වර්ෂ 1990 දී අභ්‍යාවකාශ ගත කරනු ලැබුවා. මෙහි
සවිකර ඇති විවිධ වර්ගයේ කාචවලට දෘශ්‍ය ආලෝක කිරණ පමණක් නොව අධෝරක්ත,
පාරජම්බුල වැනි කිරණ වර්ග ද හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.පැයට කි. මී.
28,000 ක වේගයෙන් මෙම දුරේක්‍ෂය එය පිහිටුවා ඇති කක්‍ෂය වටා ගමන් ගන්නවා.
දුරේක්‍ෂයක් ලෙස පමණක් නොව අභ්‍යාවකාශ යානයක් ලෙස ද කි‍්‍රයාකරන මෙය
අවුරුද්දක් තුළ දී සැතපුම් මිලියන 150 කට වැඩි දුරක් ගමන් කරනවා.
|
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය |
|
ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර් (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය |
|
ස්වීඩනයේ පිහිටා ඇති Swedish 1-m සූර්යය නිරීක්ෂණාගාරය
|
- මංජුල දිසානායක -