සක්වලයෙන් පිට - Alien Technology is a Leader in Worldwide Volume RFID Technology

ඇමරිකාව සතුව අධි තාක්ෂනික පරිසරයයට බෙහෙවින් හිතකර ක‍්‍රම තිබෙන බවත් ඒවා ලෝකයට හෙලි නොකරන බවත්යගමෙම වාර්තා වැඩසටහන පිටුපස පාරභෟම බුද්ධි තොරතුරු අංශයේ නිර්මාතෘ ස්ටීවන් ගියර් සිටින බව පැවසේ.

නෙතට සොඳුරු දසුන් මවන අලංකාරය ස්ථාන - Most Beautiful Places in the World

සොබාසෞන්දර්යයෙන් අසිරිමත් ඓතිහාසික වශයෙනුත් වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඇතැම් දූපත්වල පැරණි ජනාවාසවල නටබුන් දැකිය හැකියි. ඒ නිසා මෙය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී හමාරයි. කෙසේවෙතත් මෙහි සුන්දරත්වය වැඩි කරන තවත් සම්පත් මේ..

ගීසා පිරමිඩ - Great Pyramid of Giza

ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ යෝධ පිරමීඩය ඊජිප්තුවේ ගීසාහි පිහිටා ඇත.ඊජිප්තුවේ දකින්න ලැබෙන පිරමීඩ වලින් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි.ලෝක ප්‍රසිද්ධ ඊජිප්තුවේ ගීසා හි පිහිටි දැවැන්ත පිරමිඩ ත්‍රිත්වයක් වන කූෆු, කෆරේ හා මෙන්කවුරේ යන නම් වලින් හැඳින් විය හැක.අතීතයේ ගීසා නම් නගරය වර්තමානයේ කයිරෝ යන නමින් හදුන්වයි

පුෂ්පිකය හෙවත් දඬුමොණරය - Pushpaka Vimana of Ravana

රාවණා රජුගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්.

ආලකමන්දාව නොහොත් සිගිරිය - Kingdom Of Sigiriya

පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි.

ලොව විශාලතම භාණ්ඩ නෞකාව..- World's Biggest Ship


ලෝකය 21 වන සියවසට පාතබන මේ මොහොතේ විද්‍යාවේ තාක්ෂණික දියුණුවත් සමග විවිධ වූ අත්හදා බැලීම් තුළින් ජපානයේ සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද ලොව ලොකුම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ නෞකාව ගිනස් වාර්තා පොතට ඇතුළු වූ අතර එම ගෞරවය ජපානයට හිමි විය.මෙම නෞකාව හඳුන්වනු ලැබුවේ ජාන්රේ වයිකිං (Janre Viking)  නමින්වූ අතර දිග මීටර් 485.45 (අඩි 1504 ක් විය.) ක්ද පළල මීටර් 68.8 (අඩි. 226) වූවා මෙන්ම නැවේ ජලයෙන් යට වූ කොටස මීටර් 24.61 (අඩි 88 අඟල් 9) වීමෙන් නැවේ මුළු උස මීටර් 30 ක් වේ. එමෙන්ම මුළු බර භාණ්ඩ සමග ටොන් 564763 ක් වූ අතර භාණ්ඩ නොමැතිව බර ටොන් 260 857 කින් සමන්විත වේ.මෙම නැව පළමු නිෂ්පාදනයේදී දැනට පවතින තත්ත්වයට විශාල නොවූ අතර එහි මුළු බර ටොන් 4,80000 ක් විය. මෙම නෞකාව 1975 දී ජපානයේ සුට්ටොමෝහිදී නිෂ්පාදනය කළ අතර මුල් නම වූයේ සිවයිස් ජයන්ට් ය(SEAWISE GIANT).  ප‍්‍රථමයෙන් නිෂ්පාදනය කළ සමාගම ඉන් වසර 03 කට පසු ජපානයේම නිපෝන් කෝකාන් (NIPPON KOKAN) නම් සමාගමට විකුණු අතර ඔවුන් නැව අලුත් වැඩියා කරමින් නෞකාවට තවත් කොටසක් එකතු කරමින් ලොව විශාලම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව බවට පත් කළ අතර එහි මුළු දිග මීටර් 485.45 ක් විය.



මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන් විත විය. ඉන් අනතුරුව 1981 දී සිවයිස් ජයන්ට්  නමින් දියත් කරන ලදී. ඉරාන ඉරාක යුද්ධයේදී 1988 මැයි 14 වන දින මෙම නැව ඉරාන ප‍්‍රහාරයට ලක්වීමෙන් විනාශ විය. ඒ වනවිට මෙම නැවට තෙල් ඝන මීටර් 6,50,000 ක්පුරවා (බැරල් මිලියන 4.1) පැටවීමෙන් මෙමගින් ප‍්‍රවාහනය කිරීමට හැකියාව ඇත.ඉරාන ඉරාක යුද්ධ අවසානයේ දී මෙම නෞකාව නෝර්ජියානු සමාගමක් විසින් මිල දී ගැනීමෙන් පසු සිංගප්පූරුවට ගෙනගොස් අලුත්වැඩියා කර 1991 ක වසරේ ඔක්තෝම්බර් මස හැපී ජයන්ට් (Happy Giant)නම් වූ අලුත් නමකින් ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලදී. ඉන්පසු මෙම නෞකාව ජෝර්දාන් ජාහ්රේට සමාගමට ඩොලර් මිලියන 39 කට විකුණනු ලැබූහ. එතැන් පටන් මෙම නෞකාව ‘ජාහ්රේ වයිකිං’ නමින් නම් කෙරින. දැන් මෙම නෞකාව ජෝර්දාන් සමාගමක් මගින් පාලනය කරනු ලබයි.

විශ්වයේ ගවේෂණ දුරේක්‍ෂ තොරතුරු .. - Awesome Telescope


ඉතා ඈතින් පිහිටි වස්තුවක් ළංකර පෙන්වීමට දුරේක්‍ෂ භාවිතා කරනවා. දුරේක්‍ෂයක් මගින් ඉතා ඈතින් පිහිටි වස්තුවක් විශාල කර දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දුරේක්‍ෂ භාවිතයෙන් තාරකා විද්‍යාඥයින්ට දහස් ගණනක් තාරකා, චන්ද්‍රයින් සහ විශ්වයේ පවතින කළු කුහර වැනි බොහෝ දේවල් පිළිබඳව සොයා ගැනීමට හැකි වී තිබෙනවා.වෘත්තියෙන් ඇස්කණ්ණාඩි සාදන්නකු වූ ඕලන්ද ජාතික හැන්ස් ලිපර්ෂි විසින් වර්ෂ 1608 දී ප‍්‍රථම දුරේක්‍ෂය නිපදවා තිබෙනවා. මෙය දුරේක්‍ෂයකට වඩා දුර දක්නයකට සමාන වුණා. ඉන්පසු 1668 දී ගැලීලියෝ ගැලිලි විසින් දුරේක්‍ෂයක් නිපද වූ අතර ඒ ආධාරයෙන් ඔහුට සඳෙහි ආවාට, සූර්ය ලප සහ බ‍්‍රහස්පතිගේ ප‍්‍රධාන චන්ද්‍රයින් සතර දෙනාව ද සොයාගැනීමට හැකි වුණා. ඉන්පසු සර් අයිසැක් නිව්ටන් විසින් ගැලීලියෝ ගේ දුරේක්‍ෂයටත් වඩා සාර්ථක දුරේක්‍ෂයක් නිපදවීමට සමත් වුණා. එතෙක් දුරේක්‍ෂවලට යොදා ගැනුණු කාච දෙක වෙනුවට එක් කාචයක් සහ අවතල දර්පණයක් භාවිතා කරමින් එම දුරේක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. වර්තමානයේ භාවිතා කෙරෙන විශාල දුරේක්‍ෂ බොහොමයක් නිව්ටන් ගේ මෙම මූලධර්මය පදනම් කරගෙන තනා තිබෙනවා.දුරේක්‍ෂ අතරින් ඉතා බහුලව භාවිතා කෙරෙන දුරේක්‍ෂය දෘශ්‍ය දුරේක්‍ෂ යනුවෙන් හඳුන්වනවා. එහෙත් වර්තමානයේ එයට වඩා බොහෝ දියුණු X කිරණ දුරේක්‍ෂ, අධෝරක්ත දුරේක්‍ෂ, රේඩියෝ දුරේක්‍ෂ වැනි උපකරණ විශ්වයේ රහස් සෙවීමට යොදා ගනු ලබනවා.
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය

ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය

 සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය

සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය

X කිරණ දුරේක්‍ෂ

X කිරණ දුරේක්‍ෂ

රේඩියෝ දුරේක්‍ෂ

රේඩියෝ දුරේක්‍ෂ


දුරේක්‍ෂයක කි‍්‍රයාකාරිත්වයදුරේක්‍ෂ පරාවර්තන සහ වර්තන යනුවෙන් වර්ග දෙකකින් යුක්ත වෙනවා. මේ අතරින් වර්තන දුරේක්‍ෂය සඳහා කාච දෙකක් භාවිතා කර තිබෙනවා. එක් කාචයක් මගින් ඈතින් පිහිටි වස්තුවේ සිට එන ආලෝක කිරණ එක්කර එහි ප‍්‍රතිබිම්බයක් නිර්මාණය කරන අතර අනෙක් කාචය මගින් එම ප‍්‍රතිබිම්බය විශාල කර ඇස වෙත යොමු කරනු ලබනවා. වස්තුවේ ප‍්‍රතිබිම්බය සාදන කාචය අවනෙත ලෙසත්, එය විශාල කර ඇසට යොමු කරන කාචය උපනෙත ලෙසත් හඳුන්වනවා. නමුත් මෙම දුරේක්‍ෂවල යම් යම් දුර්වලතාවයන් දක්නට ලැබෙනවා.

පරාවර්තක දුරේක්‍ෂ වර්තන දුරේක්‍ෂ වලදී ඈත පිහිටි වස්තුවෙන් එන ආලෝකය එකතු කිරීමට භාවිතා කළ අවනෙත වෙනුවට මෙහිදී විශාල වක‍්‍ර දර්පණයක් භාවිතා කර බෙනවා. මෙය දුරේක්‍ෂ නාලයේ කෙළවරේම තබා ඇති අතර ඈත වස්තුවකින් එන ආලෝකය ඒ මත වැටී ඉන් පරාවර්තනය වී නලයේ ඉහළ කෙළවරේ තබා ඇති කුඩා තල දර්පණයක් (සාමාන්‍ය කණ්ණාඩියක්) හාරහා උපනෙත වෙතට යොමු කෙරෙනවා. මෙහිදී ඇසින් නරඹනවා වෙනුවට එහි ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. විශ්වයේ තොරතුරු සෙවීමට යොදා ගන්නා දෘශ්‍ය දුරේක්‍ෂ පරාවර්තක දුරේක්‍ෂ වර්ගයට අයත් වෙනවා.පරාවර්තක දුරේක්‍ෂවලටම අයත් තවත් දුරේක්‍ෂ වර්ගයක් ලෙස කැසිග්‍රෙන් දුරේක්‍ෂ පෙන්වා දිය හැකියි. 1672 දී නිපද වූ මෙහි කි‍්‍රයාකාරිත්වය ඉහතින් සඳහන් කළ නිව්ටන් ගේ දුරේක්‍ෂයට වඩා මඳක් වෙනස් ආකාරයක් ගෙන තිබෙනවා. ඉතා පුළුල් පරාසයක සිට පැමිණෙන ආලෝක කිරණ උත්තල දර්පණයක් මගින් තවත් ද්විතීක දර්පණයකට යොමු කෙරෙනවා. එයින් පරාවර්තන වන ආලෝක කිරණ උත්තල දර්පණයේ ඇති සිදුරු තුළින් උපනෙත වෙත යොමු කෙරෙනවා.
රේඩියෝ දුරේක්‍ෂ    ප‍්‍රමාණවත් තරම් දෘශ්‍ය ආලෝකයක් පිට නොකරන අභ්‍යාවකාශ වස්තූන් පිළිබඳ අධ්‍යයනය කිරීමට රේඩියෝ දුරේක්‍ෂ යොදාගනු ලබනවා. රේඩියෝ තරංග නිකුත් කරන සමහර ග‍්‍රහලෝක චක‍්‍රාවාට සහ තරු වැනි වස්තූන් වලින් එන සංඥා එක්රැස් කර එමගින් ඒවා පිළිබඳ තොරතුරු සොයා ගැනීමට රේඩියෝ දුරේක්‍ෂ මගින් හැකියාව ලැබෙනවා.විශාල වක‍්‍ර වූ තැටියක් මගින් ලබාගන්නා එම සංඥා එක් රැස් කර ඒවා විදුලි තරංග බවට පත්කරනු ලබනවා. එම විදුලි තරංග යම්කිසි ග‍්‍රාහකයකට (පරිගණක වැනි) ලබාගැනීමෙන් පසුව ඒවා පිළිබඳ අධ්‍යයනය කරනවා.

X  කිරණ දුරේක්‍ෂ විශ්වයේ ඇති අධික උෂ්ණත්වයකින් යුත්සමහර වස්තූන්ගේ අභ්‍යන්තර කි‍්‍රයාවලීන් වල දී X කිිරණ පිට කරනු ලබනවා. මිනිස් ඇසට හසු නොවන තරමේ අධික ප‍්‍රබලත්වයකින් යුත් මෙම කිරණ හසුකර ගැනීමට X කිරණ දුරේක්‍ෂ භාවිතා කරනවා. නමුත් X කිරණ වලට පෘථිවි වායුගෝලය හරහා පැමිණිය නොහැකි බැවින් මේ ආකාරයේ දුරේක්‍ෂ අභ්‍යාවකාශයේ යම් තැනක නවතා තැබිය යුතු වෙනවා.සාමාන්‍ය දෘශ්‍ය ආලෝකය හසුකර ගන්නා දර්පණ තැටි ආකාරයක හැඩයෙන් යුක්ත වුවත්, ඒවායින් X කිරණ අවශෝෂණය කර ගත නොහැකියි. ඒ නිසා එවැනි දුරේක්‍ෂවලට බැරල් හැඩැති දර්පණ භාවිතා කරනවා. මේවායින් එකතු කර ගන්නා X කිරණ නාභි ගත වීමෙන් සෑදෙන ප‍්‍රතිබ්ම්බය ඇසට නොපෙනෙන තරම් කුඩා බැවින් විභේදන බලය වැඩි සූක්‍ෂම කැමරා ආධාරයෙන් ඒවා විශාල කර අධ්‍යයනය කරනු ලබනවා.සාමාන්‍ය දුරේක්‍ෂ වලට හසු කරගත නොහැකි නියුටෙ‍්‍රීන තරු, කළු කුහර වැනි ශක්තියෙන් අධික ඒවා X කිරණ දුරේක්‍ෂ මගින් හසුකර ගැනීමට හැකියාව තිබෙනවා.

හබල් අභ්‍යාවකාශ දුරේක්‍ෂයවිශ්වයේ ඇති බිලියන ගණනක් වූ අභ්‍යාවකාශ වස්තූන් නැරඹිය හැකි නිරීක්‍ෂණාගාර පෘථිවියේ යම් යම් ස්ථානවල පිහිටුවා ඇති බව ඔබ අසා ඇති. එම නිරීක්‍ෂණාගාර වල සවිකර ඇති ප‍්‍රබල දුරේක්‍ෂ මගින් තාරකා, ග‍්‍රහලෝක, මන්දාකිණි වැනි ඒවායේ තොරතුරු අධ්‍යයනය කිරීමට හැකියාව තිබෙනවා.නමුත් විශ්වයේ ඈත සිට පැමිණෙන වස්තූන්ගේ ආලොක කිරණ පෘථිවි වායුගොලය හරහා පැමිණීමේදී ඒවායින් ලැබෙන ප‍්‍රතිබිම්බ අපැහැදිළි බවක් ගන්නවා. මේ නිසා මෙම බාධක මඟහැරවීමට අභ්‍යාවකාශයේ රැඳවූ දුරේක්‍ෂයක් මගින් විශ්වය නැරඹීමට විද්‍යාඥයින් උනන්දු වුණා.අභ්‍යාවකාශ දුරේක්‍ෂ පිළිබඳ මුල්ම අදහස 1926 දී ආචාර්ය ලයිසන් ස්පිට්සර් විසින් ඉදිරිපත් කර තිබුණ මුත් 1957 වන තුරු එකම යානාවක් අභ්‍යාවකාශ ගත කර තිබුණේ නැහැ. 1975 දී නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයත් එක් වී අභ්‍යාවකාශ දුරේක්‍ෂයක් නිපදවීමේ කටයුතු ආරම්භ කළ අතර 1980 දී එහි වැඩ නිම කිරීමටත් ඔවුන්ට හැකි වුණා. මහා පිපිරුම් න්‍යාය සනාථ කිරීමට විශ්වයේ ප‍්‍රසාරණ සිද්ධාන්තය ගෙන හැර පෑ එඩ්වින් හබල් නම් විද්‍යාඥයාට ගරු කිරීම පිණිස මෙම දුරේක්‍ෂ හබල් දුරේක්‍ෂය යනුවෙන් නම් කර වර්ෂ 1990 දී අභ්‍යාවකාශ ගත කරනු ලැබුවා. මෙහි සවිකර ඇති විවිධ වර්ගයේ කාචවලට දෘශ්‍ය ආලෝක කිරණ පමණක් නොව අධෝරක්ත, පාරජම්බුල වැනි කිරණ වර්ග ද හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.පැයට කි. මී. 28,000 ක වේගයෙන් මෙම දුරේක්‍ෂය එය පිහිටුවා ඇති කක්‍ෂය වටා ගමන් ගන්නවා. දුරේක්‍ෂයක් ලෙස පමණක් නොව අභ්‍යාවකාශ යානයක් ලෙස ද කි‍්‍රයාකරන මෙය අවුරුද්දක් තුළ දී සැතපුම් මිලියන 150 කට වැඩි දුරක් ගමන් කරනවා.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය

ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර්  (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය

ස්වීඩනයේ පිහිටා ඇති Swedish 1-m සූර්යය නිරීක්ෂණාගාරය

 - මංජුල දිසානායක -

රොබෝ මිනිසා බිහි වීම - A Brief History of Robotics


ඉකේඩා ගේ අණට අනුව රොබෝ සතා බිත්තිය දිගේ ඉහළට ගමන් කරයි. නැවතත් පහළට බසියි. පොළොව මත පා තබමින් ගමන් කරන විට ඔහු අමුතු ශබ්දයක් නංවයි. ඉකේඩා සේවය කරන යාන්ති‍්‍රක ඉන්ජිනේරු විද්‍යාගාරයේ අය මෙම රොබෝ සතා දෙස කුතුහලයෙන් බලා සිටිති.ඒ සිදු වූයේ අන් කිසිවක් නොව රොබෝවරුන්ගේ තෙවැනි පරම්පරාව බිහිකිරීම සඳහා ජපන් ජාතිකයන් ගත් උත්සාහයක ප‍්‍රතිඵලයකි.රොබෝවරු ගැන කතා කිරීමේදී පළමු පරම්පරාව පිළිබඳ ඇතිවන්නේ ප‍්‍රාථමික හැඟීමකි. පළමු පරම්පරාවේ රොබෝවරු කිසියම් එක් චාලක හැකියාවක් පමණක් දැක් වූ අතර ඔවුන් එම චලනය පුන පුනා සිදු කරමින් තම කාර්යයේ නිරත විය.එහෙත් දෙවැනි පරම්පරාවේ රොබෝවරු පෙර පරම්පරාවට වඩා තරමක් ඉදිරියෙන් සිටිය ද ඔවුනට ඇවිද යාමේ හැකියාවක් නොතිබුණි. එහෙත් කාර්යක්‍ෂමව තම වැඩය නිම කිරීමට ඔවුන් වගබලා ගත්තේය.තෙවැනි පරම් පරාවේ රෙබෝවරු ඉතාමත් කාර්යක්‍ෂම වූ අතර ඔවුන් මිනිසා මෙන් ඇවිද යාමට දක්‍ෂ විය.මේ පිළිබඳව වර්ෂ අටක දිගුකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ අන්තර්ජාතික වෙළෙඳාම් හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය විසින් බිලියන 20 ක මුදලක් වැයකරන ලදී. මේ සඳහා ටෝකියෝ හි සංස්ථා 19 ක් ද පර්යේක්‍ෂකයින් රැසක් ද යාන්ත‍්‍ර ඉංජිනේරු විද්‍යාගාරයේ රොබෝ තාක්‍ෂණඥයින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. රොබෝවරුන්ගේ සරළ කි‍්‍රයාකාරිත්වය මෙසේය. ඔවුනට සූක්‍ෂම දෘෂ්ඨි සංවේදනය ලබාදීම සඳහා බාහුවට සම්බන්ධ කෙරුණු කුඩා කැමරාවක් භාවිතයට ගැනුණි.



එහි මැවෙන රූප පරිගණක යන්ත‍්‍රයක් මගින් නිරීක්‍ෂණය කරනු ලබන අතර එම රූප කළු සුදු වර්ණයන්ගෙන් යුක්ත විය. තවද දෘෂ්ඨිය පමණක් නොව යමක් ග‍්‍රහනය කිරීමට ඇති හැකියාව ද තෙවැනි පරම්පරාවේ රොබෝවරයකුට තිබිය යුතු යැයි එහි නිර්මාණ කරුවෝ සිතූහ. මුලින් එසේ ග‍්‍රාහක හැකියාව යොදා ගත් රොබෝවරුන්ට සමතල පෘෂ්ඨයක් ග‍්‍රහනය කළ ද වක‍්‍ර පෘෂ්ඨයක් ග‍්‍රහනය කිරීමට නොහැකි විය.එහෙත් 1984 දී හිටාචි හි යාන්ත‍්‍ර ඉංජිනේරු පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයකු විසින් ඇඟිලි තුනකින් යුතු රොබෝවරයකු නිපදවීමත් සමඟම රොබෝ මිනිසාට වක‍්‍ර පෘෂ්ඨ සහිත වස්තූන් ග‍්‍රහනය කිරීමේ හැකියාව ලැබුණි. මුලින් රොබෝවරු අත් ඇඟිලි කි‍්‍රයාකරවන විට විශාල විදුලි මෝටරයක් මහත් ශබ්දයෙන් කි‍්‍රයාත්මක විය. නමුත් නව සොයාගැනීමත් සමඟ කුඩා විද්‍යුත් දහරාවක් මගින් කි‍්‍රයාත්මක වන රැහැන් ඒ සඳහා උපයෝගී කර ගැනුනි. මුල් අවදියේදී රොබෝවරුගේ අතැඟිලි අධික තාපයකට ලක් විය. එබැවින් ඒවා කාර්යක්‍ෂමතාවයෙන් අවම විය. නමුත් පසුව ගත් විවිධ උත්සාහයන් මගින් එම දුර්වලතාවය ද අවම කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.මෙසේ කළක් ගතවන විට සතුන්ගේ විවිධ අංග උපාංග වලට අනුරූපීව රොබෝවරු බිහිවිය. අලියාගේ හොඬවැල, සර්පයන්ගේ චලනය ආදිය මේ අතර වැදගත් තැනක් ගත්හ. මෙහිදී ජනපි‍්‍රයම තත්ත්වයක් හිමි කර ගත්තේ මකුළුවකුගේ හැඩය ලබා ගත් රොබෝය. ඔහුට ඔබමොබ සැරිසැරීමට මෙන්ම විදුලි සෝපානයෙන් නැග ඉහළට ගමන් කිරීමට ද හැකි විය.කාලයත් සමඟම ජපානයේ රොබෝවරුන්ගේ අවශ්‍යතාවය වැඩි විය. එවිට පෙර කී රොබෝවරුන්ගේ කි‍්‍රයාකිරීමේ හැකියාව ද අඩු බව සනාථ විය.




එම නිසා ජපාන රොබෝ නිපදවන්නකු වන කුතිකට්සුටකාසේ නම් පුද්ගලයා පරිගණක සංඥාවලට නොව මිනිස් සංඥාවලට කි‍්‍රයාකරන රොබෝවරයකු නිපදවීමට සැලසුම් කළහ.ශීඝ‍්‍රයෙන් රොබෝවරුන්ගේ බිහිවීම වැඩි විය.  විද්‍යුත් උපකරණ නිෂ්පාදනය, මුහුදු පත්ල ගවේෂණය, න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරක නඩත්තු කිරීම ආදිය සඳහා රොබෝවරු යොදා ගැනිනි.කෙසේ වෙතත් රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් පෙරළමින් 1973 දී  WABOT - 1 නම් රොබෝ බිහිවිය. මොහුට මිනිසා මෙන් කරට කර වැඩ කර ගත හැකි අතර ඉන් අනතුරු 1984 දී  WABOT - 2 බිහිවිය. මොහුට සංගීතඥයකුට මෙන් ඕගනය වාදනය කළ හැකි විය.  WABOT - 1 හා WABOT - 2 නිපදවනු ලැබුවේ ඉච්රොකාටෝ නම් විද්‍යාඥයාය. අද වන විට රොබෝ තාක්‍ෂණය උපරිම ස්ථානයකට පත්ව ඇත. ගිනි නිවන හමුදාවට, අජටාකාෂ ගමන්වලට වර්තමානයේ රෝබෝ යොදා ගෙන ඇත්තේ තාක්‍ෂණයේ දියුණුව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමිනි.

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2

WABOT - 2


 - ශෂිකා ලක්මාලි පෙරේරා -

කෝච්චියේ ඉතිහාසය - Railroad and History of Trains


කෝච්චිය, දුම්රිය, රේල්ලුව යන විවිධ නම් වලින් හැඳීන්වුවත් අවසානයේ මිනිසාට අති ප‍්‍රයොජනවත් වස්තුවකි දුම්රිය. අපට අවශ්‍ය කරන බඩු බාහිරාදියත් - මිනිස්සුන් එහා මෙහා ගෙන යන, ඒවාගේම සැතපුම් විශාල දුර ප‍්‍රමාණයක් ගමන් කරන එමෙන්ම වේගයෙන් යන දුම්රිය මුලින්ම නිපදවන ලද්දේ එංගලන්තයේදීය. දුම්රිය ගමනා ගමනය දියුණු තත්ත්වයට පත්වී ඇත්තේ කලක් තිස්සේ විකාශනය වීමෙනි. දුම්රිය ගමනා ගමනයට පදනම් වූයේ 15 වැනි සියවසේ මැද භාගයේ බිහිවූ රේල්රථ මාර්ග නිසාය.15 වැනි සිවයසේදී ජර්මනියේ හා රුමේනියාවේ ගල් අඟුරු ආකර තුළ අඟුරු පිරවූ රෝද හතරේ පෙට්ටි තල්ලුකර ගෙන යාම සඳහා දැවයෙන් තැනූ පීලි යොදා මාර්ග සකස් කරගෙන තිබුණි. මෙම ක‍්‍රමය පසුකාලයේදී එංගලන්තයේ ගල් අඟුරු ආකර තුළටද ව්‍යාප්ත විය. මීට වඩා ශක්තිමත් ක‍්‍රමයක් ලෙසත්, සුමට ක‍්‍රමයක් ලෙස ලෝහයෙන් තැනූ පීලි භාවිතයට ගැනීම ආරම්භ විය. එය 1976 එංගලන්තයේ Shrops Shire ප‍්‍රදේශයේදී සිදුවිය. ඒවා හැඳින්වූයේ Plate නමිනි. මේ ක‍්‍රමයේදී ගල් අඟුරු පෙට්ටි කිහිපයක් එකට අමුණාගෙන අසුන් යොදවාගෙන මිනිස් ශ‍්‍රමයෙන් තල්ලු කරගෙන යාම එහිදී සිදුවිය. එවකට එංගලන්තයේදී භාණ්ඩ හා ගල් අඟුරු ඈත ප‍්‍රදේශ කරා ගෙන ගියේ ඇළ මාර්ග ඔස්සේය. ඇළ මාර්ගය අසළට ගල්අඟුරු ප‍්‍රවාහනය කිරීම සඳහා ගල් අඟුරු ආකරයේ සිට තොටුපළ දක්වා මෙම පීලි යෙදූ රේල් රථ මාර්ග ගණනාවක් ඉදිකර තිබුණි. මුල් කාලයේදී සංකීර්ණ නොවූ මාර්ගවල ගමන් ගත් මේ රේල් රථ 19 වැනි සියවස මුල්කාලය වන විට බෑවුම් උස්මිටි හා පහත් බිම්ද ඇළ දොළ ද සහිත විවිධ වූ භූමි ලක්‍ෂණ වලින් හෙබි බිම්හරහාද මේවා ඉදිකරන ලදී.
ප‍්‍රංශ කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු වූ නිකලස් කුන්ගෝ නැමැත්තා විසින් වාෂ්ප බලයෙන් කි‍්‍රයා කරන රෝද තුනේ වාහනයක් 1769 දී නිපදවීය. එය ලොව ප‍්‍රථම මෝටර් රථය ලෙසද හැඳින්විය හැක. මෙම රථය යොදා ගැණුනේ ප‍්‍රංශ හමුදාවට අයත් කාලතුවක්කු එහා මෙහා ගෙන යාමටය. මෙම රථය හසුරුවා ගැනීමේ තාක්‍ෂණයක් ඔහු සතු නොවූයෙන් වරක් එය පෙරළී විනාශයට පත්විය. කුන්ගෝගේ වාෂ්ප බල රියේ ආකෘතිය ගෙන 1784 දී විලියම් මර්ඩොත් නැමැත්තා විසින් වෙනත් ආකාරයට රථයක් නිපදවිය. එය අත්හදා බැලීමේ අවස්ථාවේදීම විනාශයට පත්විය.කෝර්නිෂ් ජාතික ඉංජිනේරුවරයකු වූ රිචර්ඩ් ටේ‍්‍රවිතික් නැමැත්තා විසින් යාන්ති‍්‍රක ශක්තිය උපයෝගී කරගෙන රේල් පීලිමත ධාවනය කළ හැකි යන්ත‍්‍රයක් හඳුන්වා දුන්නේය. ප‍්‍රථම වරට මිනිසුන් නංවාගත් මැදිරියක් පීලි මත ධාවනය කරවූයේද මේ ඉංජිනේරුවා විසින්ය. ඔහු ඒ සඳහා ලන්ඩන් ඉයුස්ටන් චතුරශ‍්‍රය අසළ රේල් රථ මාර්ගයක් ඉදිකර සංදර්ශනයක්් පැවැත්විය. පැන්ස 5 ගෙවා එහි වටයක් යාමට එවකට නගර වාසීන්ට අවස්ථාවක් උදාවිය. වරක් එම රථය පෙරළී ගිනිගැනීමෙන් එහි සිටි මගීන් පිරිසක් ද තුවාල ලැබූහ.දුම්රිය ගැන කතා කරන විට අපේ මතකයට නිතැතින්ම එන්නේ ජෝර්ජ් ස්ටීවන්සන්ය. ඔහුගේ පියා දුගී පතල්කරුවෙකි. දුගී බව නිසා කුඩා කාලේ සිටම ජෝර්ජ් ස්ටීවන්සන්ට පතල්වල වැඩිකිරීමට සිදුවිය. පතල් කර්මාන්තයේ විවිධ රැකියාවල නියුතු වූ ඔහුට අවසානයේ කිලීංවර්ත් පතලේ ඇන්ජින් භාරකරු ලෙස කටයුතු කළේය. මේ තනතුර ඔහුගේ නිර්මාණ ශක්තියට මහත් රුකුලක් විය. ස්ටීවන්සන්ගේ මුලින්ම නිපදවූ ඇන්ජිම My Lord  නම් විය. එය එතරම් දියුණු තත්ත්වයේ එකක් නොවීය. පතල් හිමියෝ ඔහුව දිරිගැන්වීය. 1923 වන විට ජෝර්ජ් ස්ටීවන්සන් ඇන්ජින් නිෂ්පාදකයකු ලෙස නමක්් දිනා සිටියේය.පළමුවැනි දුම්රිය සේවය නොවූවද ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවේ වසර 1825 ස්ටොක්ටන් හා ඩාර්ලින්ටන් අතර ආරම්භ කරන ලද දුම්රිය සේවයයි. මෙයින් ගෙන යන ලද්දේ අශ්වයන්් අදින ලද කරත්තයකි.




1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරන ලදී. මෙම තරගයේ ජයග‍්‍රාහකයා වූයේ ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ටය. ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්විය. ඊට පසු වසර ගණනාවක් යන තුරු නිෂ්පාදනය වූයේ ‘රොකට්’ ඇන්ජින්ය.වාෂ්ප දුම්රිය සේවය වඩාත් දිනෙන් දිනම ජනප‍්‍රිය වන්නට පටන්ගත්තේ මීට පසුවය. ඊට සම්බන්ධවූ සිලින්ඩර දෙකකි. එක බොයිලේරුවකි. මේ සියල්ල ටොන් හතහමාරක් තරම් බරින් යුතු විය. මීට පසු කලක බි‍්‍රතාන්‍ය රේල්වේ සමාගම විසින් නිපදවන ලද ‘බි‍්‍රටෙනියා’ නම් වූ දුම්රියේ බර ටොන් 141 ක් විය. පළමු දුම්රියේ බර හා සසඳන කළ මේ දුම්රියේ ප‍්‍රමාණය ගැන සිතාගත හැක.මෙවැනි බරක් රැගෙන යාහැකි දුම්රිය මාර්ග වඩාත් ශක්තිමත් ඒවා විය යුතු නිසා ‘එල්’ හැඩයේ යකඩ දුම්රිය පාරවල් වෙනුවට වඩාත් ශක්තිමත් අද පවතින දුම්රිය පාරවල් වැනි රේල් පාරවල් ඉදිකරවීය. වාෂ්ප දුම්රිය ඇන්ජිම පණගැන්වීම සඳහා අවශ්‍ය කරන විශාල ජල ප‍්‍රමාණයද දුම්රිය ඇන්ජිම තුළ ගෙන යන්නට සිදුවිය. ඒ වාගේම තෙල් හෝ දර වැනි දහනයක් ගෙනයාමට ද සිදුවිය.රොකට් ඇන්ජිමේ තිබූූ සිලින්ඩර ප‍්‍රමාණය දෙක වුවත් පසුව ඒවා වඩාත් ප‍්‍රමාණයක් විශාල ඒවා භාවිතා කරන ලදි. ඊට පසුව නිපදවන ලද දුම්රිය ඇන්ජින්වල සිලින්ඩර තුන හෝ හතරක් භාවිතා කරන ලදි. මෙයින් වඩාත් මෘදු ධාවන තත්ත්වයක් ලබාගැනීමට හැකිවිය. දුම්රිය නතර කිරීම සඳහා තිරිංග  ක‍්‍රම තුනක් භාවිතා වේ. එකක් නම් අතින් තද කරන තිරිංගය දෙක වාෂ්ප තිරිංගය අනික ස්වයංකී‍්‍රය තිරිංගය දැනට භාවිතා කෙරෙන ‘වැකුම්’ තිරිංග මගින් ටොන් 500 ක් බර දුම්රියක් පැයට සැතපුම් 95ක වේගයෙන් ගමන් කළත් තිරිංග යෙදූ විට මීටර් 330 ක් වැනි සුළු දුර ප‍්‍රමාණයකදී නතරකරගත හැකිය.දුම්රිය සේවය දිනෙන් දින වර්ධනය වෙද්දී යුරෝපයේ ධාවනය වන දුම්රියක ඇන්ජිමේ රෝද 14 කුත් ගල්අඟුරු ටොන් 28 කුත් වතුර ගැලුම් 25,000 අඩංගු විය.අද දුම්රිය සේවය කොතරම් වර්ධනය වීද කියතොත් විදුලියෙන් දුවන දුම්රියත්, පොළොව යටින් දුවන දුම්රියත් සේවයට එක්වී තිබේ. මේවා වාෂ්ප දුම්රියන්ට වඩා ඇත්තේ බොහෝ ඉදිරියෙන් ය. වාෂ්ප දුම්රිය සේවය වෙනුවට අද එතැන අරගෙන ඇත්තේ තෙල් වලින් කි‍්‍රයාකරන ඩීසල් දුම්රිය ඇන්ජින්ය. ඒවා වඩාත් ජනප‍්‍රිය හා ලාභදායී සේවයකි.