Thorium ඉන්ධන ග්‍රෑම් 8කින් සැතපුම් මිලියනයක් - The Thorium Powered Car
මෙම කාරය මගින් සැතපුම් මිලියන ධාවනය කිරම සදහා අවශ්‍යවන්නේ thorium ග්‍රෑම් 8ක් පමණි.මුළු ජිවිත කාලයටම ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ . Laser Power Systems නම් ආයතනයක් විසින් තෝරියම් මඟින් ධාවනය වන වාහනයක් නිපදවමින් සිටී. ඔවුන්ගේ අදහස වන්නේ පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ප්‍රතිස්ථාපනය කිරීමයි.
තෝරියම් |
තෝරියම් යනු යුරේනියම් වලට සමාන ද්‍රව්‍යයකි. මේවා විශාල වශයෙන් ශක්තිය නිපදවීම සිදු කරයි. මෙයින් ග්‍රෑම් 1ක් gasoline ලීටර 28,000 කට සමාන වේ.
පාරිසරික දූෂණය පිළිබඳ අවධානය යොමු කරන්නන්ට මේ පුවත තරමක් වැදගත් වේවි.
පුෂ්පක විමානය හෙවත් දඬු මොණරය - Ravana's Flight
ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙයට “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.
ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය විසින් ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කර ඇත. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලද ‘‘වෛමාණික ශාස්ත’’ නම් ග‍්‍රන්ථයයි.මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීය.
‘විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිඟුවකි.
රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම
හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ
හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ
ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය.
මෙකී අධිබලැති රසදිය එන්ජිම ‘මර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine) ලෙස හැඳින්වුණි.
එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය.
ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.
එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.
එමෙන්ම උස්සන්ගොඩ ද රාවණා රජුගේ දඬු මොණරය ගෙඩබැස්සු ගුවන් පථයක් වන්නට පුළුවන්.අදටත් මේ උස්සන්ගොඩ .තැනිතලාවේ දකින්න තිබෙන්නේ රතු පාට පස්, පිළිස්සුණා වගේ පෙනෙන ගල් කැබලි හැදිලා තිබෙන්නේ රාවණ රජුගේ දඩුමොණරය ගොඩබැස්සු නිසා විය හැක.
එමෙන්ම පිදුරංගල උඩින් රාවනා රජ්ජුරුවන්ගේ දඬු මොනරය අහසට නැග්ගුවේ කියා ද මතයක් තිබෙනවා.පිදුරංගල පින්තුරයක් බැලුවොත් පේනේනවා ගුවන් යානයක් දියත් කිරීමට සුදුසු ආනතියක් හා අංශක 45 ක බෑවුමක් ස්ථානයක් එයත් එක සාදකයක්.
එමෙන්ම තවත් බොහෝ සාදක ඇත.
මෙය අනතර්ජලයෙන් උපුටාගෙන සංස්කරණය කර ඇත.
ලොව විශාලතම භාණ්ඩ නෞකාව..- World's Biggest Ship
ලෝකය 21 වන සියවසට පාතබන මේ මොහොතේ විද්‍යාවේ තාක්ෂණික
දියුණුවත් සමග විවිධ වූ අත්හදා බැලීම් තුළින් ජපානයේ සමාගමක් මගින්
නිෂ්පාදනය කරන ලද ලොව ලොකුම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ නෞකාව ගිනස් වාර්තා
පොතට ඇතුළු වූ අතර එම ගෞරවය ජපානයට හිමි විය.මෙම නෞකාව හඳුන්වනු ලැබුවේ
ජාන්රේ වයිකිං (Janre Viking) නමින්වූ අතර දිග මීටර් 485.45 (අඩි 1504 ක්
විය.) ක්ද පළල මීටර් 68.8 (අඩි. 226) වූවා මෙන්ම නැවේ ජලයෙන් යට වූ කොටස
මීටර් 24.61 (අඩි 88 අඟල් 9) වීමෙන් නැවේ මුළු උස මීටර් 30 ක් වේ. එමෙන්ම
මුළු බර භාණ්ඩ සමග ටොන් 564763 ක් වූ අතර භාණ්ඩ නොමැතිව බර ටොන් 260 857
කින් සමන්විත වේ.මෙම නැව පළමු නිෂ්පාදනයේදී දැනට පවතින තත්ත්වයට විශාල නොවූ
අතර එහි මුළු බර ටොන් 4,80000 ක් විය. මෙම නෞකාව 1975 දී ජපානයේ
සුට්ටොමෝහිදී නිෂ්පාදනය කළ අතර මුල් නම වූයේ සිවයිස් ජයන්ට් ය(SEAWISE
GIANT). ප‍්‍රථමයෙන් නිෂ්පාදනය කළ සමාගම ඉන් වසර 03 කට පසු ජපානයේම නිපෝන්
කෝකාන් (NIPPON KOKAN) නම් සමාගමට විකුණු අතර ඔවුන් නැව අලුත් වැඩියා
කරමින් නෞකාවට තවත් කොටසක් එකතු කරමින් ලොව විශාලම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව
බවට පත් කළ අතර එහි මුළු දිග මීටර් 485.45 ක් විය.
මෙම
නෞකාවේ කාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන් විත විය. ඉන් අනතුරුව 1981 දී
සිවයිස් ජයන්ට් නමින් දියත් කරන ලදී. ඉරාන ඉරාක යුද්ධයේදී 1988 මැයි 14 වන
දින මෙම නැව ඉරාන ප‍්‍රහාරයට ලක්වීමෙන් විනාශ විය. ඒ වනවිට මෙම නැවට තෙල්
ඝන මීටර් 6,50,000 ක්පුරවා (බැරල් මිලියන 4.1) පැටවීමෙන් මෙමගින්
ප‍්‍රවාහනය කිරීමට හැකියාව ඇත.ඉරාන ඉරාක යුද්ධ අවසානයේ දී මෙම නෞකාව
නෝර්ජියානු සමාගමක් විසින් මිල දී ගැනීමෙන් පසු සිංගප්පූරුවට ගෙනගොස්
අලුත්වැඩියා කර 1991 ක වසරේ ඔක්තෝම්බර් මස හැපී ජයන්ට් (Happy Giant)නම් වූ
අලුත් නමකින් ප‍්‍රවාහන කටයුතු ආරම්භ කරන ලදී. ඉන්පසු මෙම නෞකාව ජෝර්දාන්
ජාහ්රේට සමාගමට ඩොලර් මිලියන 39 කට විකුණනු ලැබූහ. එතැන් පටන් මෙම නෞකාව
‘ජාහ්රේ වයිකිං’ නමින් නම් කෙරින. දැන් මෙම නෞකාව ජෝර්දාන් සමාගමක් මගින්
පාලනය කරනු ලබයි.
විශ්වයේ ගවේෂණ දුරේක්‍ෂ තොරතුරු .. - Awesome Telescope
ඉතා ඈතින් පිහිටි වස්තුවක් ළංකර පෙන්වීමට දුරේක්‍ෂ භාවිතා කරනවා. දුරේක්‍ෂයක් මගින් ඉතා ඈතින් පිහිටි වස්තුවක් විශාල කර දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දුරේක්‍ෂ භාවිතයෙන් තාරකා විද්‍යාඥයින්ට දහස් ගණනක් තාරකා, චන්ද්‍රයින් සහ විශ්වයේ පවතින කළු කුහර වැනි බොහෝ දේවල් පිළිබඳව සොයා ගැනීමට හැකි වී තිබෙනවා.වෘත්තියෙන් ඇස්කණ්ණාඩි සාදන්නකු වූ ඕලන්ද ජාතික හැන්ස් ලිපර්ෂි විසින් වර්ෂ 1608 දී ප‍්‍රථම දුරේක්‍ෂය නිපදවා තිබෙනවා. මෙය දුරේක්‍ෂයකට වඩා දුර දක්නයකට සමාන වුණා. ඉන්පසු 1668 දී ගැලීලියෝ ගැලිලි විසින් දුරේක්‍ෂයක් නිපද වූ අතර ඒ ආධාරයෙන් ඔහුට සඳෙහි ආවාට, සූර්ය ලප සහ බ‍්‍රහස්පතිගේ ප‍්‍රධාන චන්ද්‍රයින් සතර දෙනාව ද සොයාගැනීමට හැකි වුණා. ඉන්පසු සර් අයිසැක් නිව්ටන් විසින් ගැලීලියෝ ගේ දුරේක්‍ෂයටත් වඩා සාර්ථක දුරේක්‍ෂයක් නිපදවීමට සමත් වුණා. එතෙක් දුරේක්‍ෂවලට යොදා ගැනුණු කාච දෙක වෙනුවට එක් කාචයක් සහ අවතල දර්පණයක් භාවිතා කරමින් එම දුරේක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. වර්තමානයේ භාවිතා කෙරෙන විශාල දුරේක්‍ෂ බොහොමයක් නිව්ටන් ගේ මෙම මූලධර්මය පදනම් කරගෙන තනා තිබෙනවා.දුරේක්‍ෂ අතරින් ඉතා බහුලව භාවිතා කෙරෙන දුරේක්‍ෂය දෘශ්‍ය දුරේක්‍ෂ යනුවෙන් හඳුන්වනවා. එහෙත් වර්තමානයේ එයට වඩා බොහෝ දියුණු X කිරණ දුරේක්‍ෂ, අධෝරක්ත දුරේක්‍ෂ, රේඩියෝ දුරේක්‍ෂ වැනි උපකරණ විශ්වයේ රහස් සෙවීමට යොදා ගනු ලබනවා.
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය |
ගැලීලියෝ ගැලිලි දුරේක්‍ෂය |
සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය |
සර් අයිසැක් නිව්ටන් දුරේක්‍ෂය |
X කිරණ දුරේක්‍ෂ |
X කිරණ දුරේක්‍ෂ |
රේඩියෝ දුරේක්‍ෂ |
රේඩියෝ දුරේක්‍ෂ |
රේඩියෝ දුරේක්‍ෂ ප‍්‍රමාණවත් තරම් දෘශ්‍ය ආලෝකයක් පිට නොකරන අභ්‍යාවකාශ වස්තූන් පිළිබඳ අධ්‍යයනය කිරීමට රේඩියෝ දුරේක්‍ෂ යොදාගනු ලබනවා. රේඩියෝ තරංග නිකුත් කරන සමහර ග‍්‍රහලෝක චක‍්‍රාවාට සහ තරු වැනි වස්තූන් වලින් එන සංඥා එක්රැස් කර එමගින් ඒවා පිළිබඳ තොරතුරු සොයා ගැනීමට රේඩියෝ දුරේක්‍ෂ මගින් හැකියාව ලැබෙනවා.විශාල වක‍්‍ර වූ තැටියක් මගින් ලබාගන්නා එම සංඥා එක් රැස් කර ඒවා විදුලි තරංග බවට පත්කරනු ලබනවා. එම විදුලි තරංග යම්කිසි ග‍්‍රාහකයකට (පරිගණක වැනි) ලබාගැනීමෙන් පසුව ඒවා පිළිබඳ අධ්‍යයනය කරනවා.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය |
ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර් (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය |
ස්වීඩනයේ පිහිටා ඇති Swedish 1-m සූර්යය නිරීක්ෂණාගාරය
|
රොබෝ මිනිසා බිහි වීම - A Brief History of Robotics
ඉකේඩා ගේ අණට අනුව රොබෝ සතා බිත්තිය දිගේ ඉහළට ගමන් කරයි. නැවතත් පහළට බසියි. පොළොව මත පා තබමින් ගමන් කරන විට ඔහු අමුතු ශබ්දයක් නංවයි. ඉකේඩා සේවය කරන යාන්ති‍්‍රක ඉන්ජිනේරු විද්‍යාගාරයේ අය මෙම රොබෝ සතා දෙස කුතුහලයෙන් බලා සිටිති.ඒ සිදු වූයේ අන් කිසිවක් නොව රොබෝවරුන්ගේ තෙවැනි පරම්පරාව බිහිකිරීම සඳහා ජපන් ජාතිකයන් ගත් උත්සාහයක ප‍්‍රතිඵලයකි.රොබෝවරු ගැන කතා කිරීමේදී පළමු පරම්පරාව පිළිබඳ ඇතිවන්නේ ප‍්‍රාථමික හැඟීමකි. පළමු පරම්පරාවේ රොබෝවරු කිසියම් එක් චාලක හැකියාවක් පමණක් දැක් වූ අතර ඔවුන් එම චලනය පුන පුනා සිදු කරමින් තම කාර්යයේ නිරත විය.එහෙත් දෙවැනි පරම්පරාවේ රොබෝවරු පෙර පරම්පරාවට වඩා තරමක් ඉදිරියෙන් සිටිය ද ඔවුනට ඇවිද යාමේ හැකියාවක් නොතිබුණි. එහෙත් කාර්යක්‍ෂමව තම වැඩය නිම කිරීමට ඔවුන් වගබලා ගත්තේය.තෙවැනි පරම් පරාවේ රෙබෝවරු ඉතාමත් කාර්යක්‍ෂම වූ අතර ඔවුන් මිනිසා මෙන් ඇවිද යාමට දක්‍ෂ විය.මේ පිළිබඳව වර්ෂ අටක දිගුකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ අන්තර්ජාතික වෙළෙඳාම් හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය විසින් බිලියන 20 ක මුදලක් වැයකරන ලදී. මේ සඳහා ටෝකියෝ හි සංස්ථා 19 ක් ද පර්යේක්‍ෂකයින් රැසක් ද යාන්ත‍්‍ර ඉංජිනේරු විද්‍යාගාරයේ රොබෝ තාක්‍ෂණඥයින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ. රොබෝවරුන්ගේ සරළ කි‍්‍රයාකාරිත්වය මෙසේය. ඔවුනට සූක්‍ෂම දෘෂ්ඨි සංවේදනය ලබාදීම සඳහා බාහුවට සම්බන්ධ කෙරුණු කුඩා කැමරාවක් භාවිතයට ගැනුණි.
එහි මැවෙන රූප පරිගණක යන්ත‍්‍රයක් මගින් නිරීක්‍ෂණය කරනු ලබන අතර එම රූප කළු සුදු වර්ණයන්ගෙන් යුක්ත විය. තවද දෘෂ්ඨිය පමණක් නොව යමක් ග‍්‍රහනය කිරීමට ඇති හැකියාව ද තෙවැනි පරම්පරාවේ රොබෝවරයකුට තිබිය යුතු යැයි එහි නිර්මාණ කරුවෝ සිතූහ. මුලින් එසේ ග‍්‍රාහක හැකියාව යොදා ගත් රොබෝවරුන්ට සමතල පෘෂ්ඨයක් ග‍්‍රහනය කළ ද වක‍්‍ර පෘෂ්ඨයක් ග‍්‍රහනය කිරීමට නොහැකි විය.එහෙත් 1984 දී හිටාචි හි යාන්ත‍්‍ර ඉංජිනේරු පරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයකු විසින් ඇඟිලි තුනකින් යුතු රොබෝවරයකු නිපදවීමත් සමඟම රොබෝ මිනිසාට වක‍්‍ර පෘෂ්ඨ සහිත වස්තූන් ග‍්‍රහනය කිරීමේ හැකියාව ලැබුණි. මුලින් රොබෝවරු අත් ඇඟිලි කි‍්‍රයාකරවන විට විශාල විදුලි මෝටරයක් මහත් ශබ්දයෙන් කි‍්‍රයාත්මක විය. නමුත් නව සොයාගැනීමත් සමඟ කුඩා විද්‍යුත් දහරාවක් මගින් කි‍්‍රයාත්මක වන රැහැන් ඒ සඳහා උපයෝගී කර ගැනුනි. මුල් අවදියේදී රොබෝවරුගේ අතැඟිලි අධික තාපයකට ලක් විය. එබැවින් ඒවා කාර්යක්‍ෂමතාවයෙන් අවම විය. නමුත් පසුව ගත් විවිධ උත්සාහයන් මගින් එම දුර්වලතාවය ද අවම කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.මෙසේ කළක් ගතවන විට සතුන්ගේ විවිධ අංග උපාංග වලට අනුරූපීව රොබෝවරු බිහිවිය. අලියාගේ හොඬවැල, සර්පයන්ගේ චලනය ආදිය මේ අතර වැදගත් තැනක් ගත්හ. මෙහිදී ජනපි‍්‍රයම තත්ත්වයක් හිමි කර ගත්තේ මකුළුවකුගේ හැඩය ලබා ගත් රොබෝය. ඔහුට ඔබමොබ සැරිසැරීමට මෙන්ම විදුලි සෝපානයෙන් නැග ඉහළට ගමන් කිරීමට ද හැකි විය.කාලයත් සමඟම ජපානයේ රොබෝවරුන්ගේ අවශ්‍යතාවය වැඩි විය. එවිට පෙර කී රොබෝවරුන්ගේ කි‍්‍රයාකිරීමේ හැකියාව ද අඩු බව සනාථ විය.
එම නිසා ජපාන රොබෝ නිපදවන්නකු වන කුතිකට්සුටකාසේ නම් පුද්ගලයා පරිගණක සංඥාවලට නොව මිනිස් සංඥාවලට කි‍්‍රයාකරන රොබෝවරයකු නිපදවීමට සැලසුම් කළහ.ශීඝ‍්‍රයෙන් රොබෝවරුන්ගේ බිහිවීම වැඩි විය. විද්‍යුත් උපකරණ නිෂ්පාදනය, මුහුදු පත්ල ගවේෂණය, න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරක නඩත්තු කිරීම ආදිය සඳහා රොබෝවරු යොදා ගැනිනි.කෙසේ වෙතත් රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් පෙරළමින් 1973 දී WABOT - 1 නම් රොබෝ බිහිවිය. මොහුට මිනිසා මෙන් කරට කර වැඩ කර ගත හැකි අතර ඉන් අනතුරු 1984 දී WABOT - 2 බිහිවිය. මොහුට සංගීතඥයකුට මෙන් ඕගනය වාදනය කළ හැකි විය. WABOT - 1 හා WABOT - 2 නිපදවනු ලැබුවේ ඉච්රොකාටෝ නම් විද්‍යාඥයාය. අද වන විට රොබෝ තාක්‍ෂණය උපරිම ස්ථානයකට පත්ව ඇත. ගිනි නිවන හමුදාවට, අජටාකාෂ ගමන්වලට වර්තමානයේ රෝබෝ යොදා ගෙන ඇත්තේ තාක්‍ෂණයේ දියුණුව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමිනි.
WABOT - 2 |
WABOT - 2 |
WABOT - 2 |
WABOT - 2 |
WABOT - 2 |
WABOT - 2 |
WABOT - 2 |